ඇත්තටම කියනවා නම් අපි පරිගණකයක් බවිතා කරද්දී පරිගණකයේ කාර්යක්ෂමතාවයට
බලපාන්නේ අපි ඒක කළමනාකරණය කරන විදිහ. විශේෂයෙන්ම අපි පරිගණකයේ ස්ථාපනය
කරන
මෘදුකාංග ඒකට ගොඩක් බලපානවා. ඒ නිසා අපි පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කරද්දී
ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. ඒ වගේම තමයි ඒකට අපි ගෙවන මුදල ගැනත්
සැලකිලිමත් වෙන්න ඕන. ඒවගේම අපි PC එක format කලොත් මේ අත්‍යවශ්‍ය මෘදුකාංග ගන්න විවිධ වෙබ් අඩවි වලට යන්න වෙනවා.
ඒ නිසා මම මේපාර නොමිලේ ලබාගන්න පුළුවන් සුපිරිම
පරිගනකයේ වේගයට කිසිම බලපෑමක් නොකරන බඩු කෑලි ටිකක් ඔයාලට දෙන්න හිතුවා.අපේ බ්ලොග් එකේ නම මතක තියාගන්න ;) පස්සේ ඕනම වෙලාවක ඇවිල්ලා මේ ඕනම කරන මෘදුකාංග සියල්ල නොමිලේ බාගන්න පුලුවන් :)
1.Microsoft Security Essentials
මම හැමදෑමත් Windows OS භාවිතා කරන ඔයාලට නිර්දේශ කරන ප්‍රතිවයිරස
මෘදුකාංගය තමයි Security Essentials.මේක වර්තමානයේ මිලියන 4 විතර ජනතාව
විශ්වාසය තියල තියන ඉතාමත් හොඳ තත්වයේ මෘදුකාංගයක් . ගොඩක් ප්‍රතිවයිරස්
මෘදුකාංග සමීක්ෂණ ආයතන මේ මෘදුකාංගයට ඉහල තැනක් ලබාදී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතනය මෙහෙම නොමිලේ
ප්‍රතිවයිරස මෘදුකාංගයක් ලබාදීමට තීරණය කරලා තියෙන්නේ වයිරස් ප්රශ්නය
නිසා වින්ඩෝස් අතහැර Open Source මෙහෙයුම් පද්දති වලට මාරු වන පරිගණක බාවිතාකරන්නන් උදෙසා කියලයි පරිගණක ඉංජිනේරුවෝ කියන්නේ.
එහෙනම් පහලින් බාගන්න ;)
2.VLC Media Player
එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තමා මාධ්‍ය ධාවකය .
දැනට මේ සඳහා විවිද මෘදුකාංග තියනවා. ඒ අතරින් VLC media player එක තමා
දැනට ලෝකයේ ජනප්‍රියම , ලෙඩ අඩුම, ඕනෑම file formats ප්ලේ වෙන ප්ලේයර් එක. දැනට
ලෝකයේ 80% විතර දෙන බාවිතා කරන්නේ මේ මෘදුකාංගය. මේකේ තියන විශේෂත්ව තමා live streaming පහසුකම්ද සහිත වීම.
එහෙනම් පහලින් බාගන්න ;)
3.CCleaner
පරිගණකයේ ඇතිවන දෝෂ, දෘඩ තැටියේ දෝෂ, වගේ දේවල් වලට ප්‍රතිකාර කිරීමට
සුපිරිම බඩුවක් තමා c cleaner කියන්නේ.පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් කිරීමටත්
, අනවශ්‍ය මෘදුකාංග අයින් කිරීමටත් මෙය යොදාගත හැකියි. නොමිලේ ලබාදෙන මෘදුකාංග අතර විශාල පෙරලියක් කරපු මෘදුකාංගයක්
පහලින් බාගන්න ;)
4.Format Factory
එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අපිට සිද්ද වෙන දෙයක් තමා එක media file format එකක් තවත් media file format එකකට convert කිරීම.
විශේෂයෙන් අපි youtube video upload කරනවානම් , නැත්තම් ඔබගේ mobile phone,ipod ඒකට video ෆයිල් එකක් දානවනම් අපිට ඒවා
convert කරගන්න සිද්ද වෙනවා. ඒකට අද වෙළඳපොලේ විවිධ මෘදුකාංග තියනවා. ඒත් ඒ
සල්ලි දීල කරගන්න වැඩේම අපිට දැන් මේ කියන නොමිලේ ලබාදෙන format factory හරහා සිදුකරගන්න පුළුවන්. දැනට ලෝකයේ තියන බොහොමයක් media file format මේ හරහා convert කරගන්න පුළුවන්.
පහලින් බාගන්න ;)
5.Recuva [Best data recovery software]
මම මේ ගැන කලින් හොද සවිස්තරාත්මක ලිපියක් දාලා තියෙනවා.ඒක කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.ඔබට අත්‍යවශ්‍ය කරන දත්ත හදිසියේ අත්වැරදීමකින් ඔබ අතින් මකා දැමුවොත්.
එතකොට ඔබට ලොකු අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවේවි. ඒත් මේ කියන මෘදුකාංගයෙන්
පවා මකා දැමුණු දත්ත නැවතත් ලබාගැනීමේ හැකියාව තියනවා.
වර්තමානයේ මේ සඳහා බාවිතා වන
වානිජමය මෘදුකාංග වලටත් හොඳ තරඟයක් දීමට මේ මෘදුකාංගය සමත් වී තිබෙනවා.
පහලින් බාගන්න ;)






Post a Comment