
අද කියලා දෙන්න යන්නේ Huawei / ZTE Dongle Unlock කරන හැටි.සාමාන්‍යයෙන් අපිට Dongle එකක් Unlock කරන්න ගියොත් Rs.800/= විතර යනවා.ඉතින් ඒක නිසාම මෙ ලිපිය දාන්න හිතුවේ.මේක ලිපිය කියෙව්වාම ඔයාලටත් පුලුවන් වෙයි ඔයාලගෙ Dongle එක Lock නම් Unlock කර ගන්න. අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.
මුලින්ම
මේගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි
ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට
එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක්
ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා ඒක මතකේ තබාගෙන වැඩේ කරමු.
මෙම Dongle එක Unlock කිරීමේදී අපිට Code Generator එකක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කොම බාගෙන
ඉන්න එපැයි, අන්ලොක් කරන්න කලින්, එහෙනම් පහලින් Code Generator එක Download කරගන්න.
මුලින්ම
අපි Unlock කරන්න උත්සහ කරන Dongle එකේ IMEI Code එක හොයාගන්න ඕනෙ.
මේක ඉලක්කම් 15 ක
නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile
partner එකෙ Tools > Diagnostic යටතේ බලාගන්න.
දැන් ඔයා බාගත්ත Code Generator එක Open කරගෙන, ඔයා අන්ලොක් කරන්න හදන
Dongle එකේ IMEI Code එක Type කරලා Calculate කරන්න, ඔයාට Flash Code එක දකින්න
පුළුවන්, ඒක Copy කරගන්න.

Post a Comment