අද කියන්න යන්නේ ලේසියෙන්ම සිංහල Font එකකින් type කරන හැටි.කලින් ලිපියෙදී සිංහල fonts 2000ක් දුන්නා නෙහ්. ගොඩක් අය සිංහල font
එකකින් type කරන්න ගියාම කරන්නේ Singlish විදිහට ලියලා ඒක site එකකින් font type එකට covert කරන එක. අපිට පැන්සලෙන් මේක ලේසියෙන්ම කරන්න පුලුවනි.අපි හිතන් ඉන්නේ
පැන්සල කියන්නේ නිකන්ම සිංහල Unicode type කරන
software එකක් කියලා.ඒත් එහෙම නෑ.අපි
සිංහල keyboard එක දන් නැත්තම් පැන්සල
තමයි හොදම විසදුම. අපිට ඕනි font
එක තෝරලා Singlish විදිහට type කරන්න පුලුවන්.වැඩේ ගොඩක් අය දන්නවත් ඇති ඒත් මේ නොදන්න අයට උදව්වක්.
මුලින්ම මෙතනින් පැන්සල Download කරල Install කරගන්න.
දැන් අපි MS
Word Open කරලා පැන්සලත් open කරගන්න ඕනි දැන් මෙහෙම් එයි.
අපි දැන් Word
වලදී Singlish විදිහට සිංහල font එකකින් type කරන්න යන්නේ.මුලින්ම පැන්සලේ UNICODE කියන button එක උඩ click කරන්න.එතකොට
OFFICE mode එකට මාරු වෙයි.
දැන් අපි Office වලදි අපිට type කරන්න ඕනි font එක තෝරගන්න ඕනි. මම FMGemunu කියන සිංහල font එක තෝරගන්නවා.
දැන් ඔයා word
වලදී Singlish විදිහට type කරලා බලන්න.ඒ කියන්නේ amma කියලා type කරලා space bar එක
ඔබන්න. ඔයා තෝරපු font එකෙන් type වෙයි.

සැ.යු. – මේකෙන් Word
වලදී type කරන්න කලින් Word වල Auto correction off කරලා ඉන්න.

Post a Comment